මගේ ජීවිතේ ලස්සනම කාලේ ඔයා මගේ ලඟ හිටියා නේද?
අපි අනාගතේ ගන ගොඩක් කතා කලා
ගොඩක් වෙලාවට ප්ලෑන් එක හැදුවෙ ඔයා. මම කලේ අහගෙන ඉන්න එක විතරයි.
ඒත් ඒ ප්ලෑන් එක තාම මගේ ලඟ තියෙනවා.
ප්ලෑන් හදපු ඔයා මගේ ලඟින් ගිහින්.... ආයෙත් නොඑන්නම.....
මට මැරෙන්න තරමි................

Sunday, May 20, 2012
Monday, May 14, 2012
මම කොහොමද ඔයාට මේක කියන්නෙ
අනේ මට දහස් වාරයක් සමාවෙන්න....
මට ඔයාව අමතක වෙන්නෙ නැ කවදවෙත්
මම ඔයාට මගේ ජීවිතෙන් අයින් වෙන්න දෙන්නෙ නැ....
ඒත්.....
අනේ මන්දා....
මම කොහොමද ඔයාට මේක කියන්නෙ
ඔයා මගේ ලඟට වෙලා ඉන්නවා කියලා මට දැනෙනවා....
මාත් එක්ක තරහා වෙන්න එපා...
මම ඔයාට පිටුපානවා නෙමෙයි.
මගේ අම්මගෙ හිත හදන්න මට බොරුවට හරි මේ විදිහට රඟපාන්න වෙනවා...
ඔයා අඬන්න එපා
මම ඔයාට ඇර වෙන හදවතකට මගේ ලඟට එන්න දෙන්නෙ නෑ.....
Tuesday, May 8, 2012
ඔයානම් තාමත් හිනාවෙවී මගෙ දිහා බලාගෙන ඇති
ජීවිතේ ගොඩක් ලස්සන තැන් අපි ලඟ වැඩි කාලයක් රැඳිලා තියෙන්නෙ නෑ....
මට අද වගේ මතකයි...
මම ඔයාව හම්බ වෙන්න ආපු අන්තිම දවස.
ඔයාටත් මතකද?
අපි ගොඩක් හිනාවුනා....
ඔයානම් තාමත් හිනාවෙවී මගෙ දිහා බලාගෙන ඉන්නවා නේද..
මම ඔයාගැන හිත හිත තාමත් දුක්වෙනවා.....
ඔයාගෙ තුන්මාසෙ දානේ දීලා අදට හරියටම සතියයි මගේ රත්තරනේ.......
කඳුළු.........
Saturday, March 17, 2012
අමතක මතක..
තවමත් මට අද වගේ මතකයි. ඇත්තටම තවමත් මගේ ඇස්වලින කඳුළු ගලනවා. ඒ කඳුළු වලට සිමා සායිම් නෑ. ඒ කඳුළු පිහදාන්න ගොඩක් අය මට ලන්වෙන්න හැදුවත් මම කොහොමද මගෙ රත්තරනේ ඔයාව අමතක කරන්නෙ. මම මේ කතාව කෙට්යෙන් කියන්නම්.
Monday, February 20, 2012
Sunday, February 19, 2012
Saturday, February 18, 2012
Subscribe to:
Posts (Atom)